Saturday, October 26, 2013

1950 මාර්තු 4 වැනි සෙනසුරාදා

1950 මාර්තු 4 වැනි සෙනසුරාදා දිනය පුර පසළොස්වක පොහොය දිනයකි. ශ්රී පාද පූජා භූමියට විදුලි එළිය ලබාදෙන දිනය එය විය. සර් ජෝන් කොතලාවල මැතිතුමා මේ මහා ජාතික ව්යාපෘතියේ භාර අමාත්යවරයා විය. එබැවින් එතුමා මෙහි සම්භාවනීය රාජ්යය නියෝජිතයා විය. මහනාහිමිවරු ප්රමුඛ සතර දිග් භාගයෙන් වැඩමවා වදාල මහා සංඝරත්නය දේශනා කළ මංගල පිරිත් දේශනා මධ්යයේ හා රැස්ව සිටි ලක් සංඛ්යාත ැදැහැවතුන්ගේ සාධුකාර මධ්යයේ සර් ජෝන් කොතලාවල මැතිතුමා මකර තොරණ විවෘත කළේය. එතැන් සිට සිරිපා මළුව දක්වා මහා පෙරහැරකි. මහා පෙරහැරට සම්බන්ධ වූ සුවිශේෂි ආගන්තුක සුදු ජාතික කාන්තාවක් වූවාය. ඇය නමින් මාග්රට් මේරි ග්රිෆින් නම් වූවාය. ඇයගේ දෙනෙතින් දුටු අසිරිමත් සිදුවීම මෙරට පුවත්පතක පලකරන්නට The miracle of the moon නමින් ලිපියක් සැපයූවාය. මේ ඇයගේ විස්තරයයි.

"
දිවයිනේ සතර දෙසින් ලක් සංඛ්යාත සැදැහැවත්හු වූහ. මහා සඟරුවනත් සර් ජෝන් කොතලාවල මැතිදුන් පෙරටු කොට ගත් මහ පෙරහැර සිරිපා මුදුන දක්වා ඇදෙන්නට වූහ. සැදැහැවතුන්ගේ සාධුකාරය ප්රදේශය පුරා පැතිරෙන්නට විය. එවිට වේලාව රාත්රී 8.30 පමණ විය. සුළු නින්දකට පෙර අපි සිටි කුඩා කුටියෙන් එළියට පැමිණියේ සිරිපා මුදුනේ චමත්කාරය විඳින්නටය. රැස්ව සිටි වන්දනා කරුවන් චන්ද් මණ්ඩලය දෙසට ඔවුන්ගේ අත් දික් කරමින් මහත් විශ්මයෙන් යුතුව යමක් නරඹන අයුරු දුටුවෙමි. මිහිදුම් මඩලද හාත් පස පැතිර තිබුණි. මහත් කුතුහලයෙන් මමද ඔවුන් අතරට වීමි. එහි දර්ශනය මට අදහා ගන්නට නොහැකි විය. පූර්ණ චන්ද් මණ්ඩලය වටා රවුම් හතරක් සේ සිටි රවුම් හතරක් එහි විය. එය බුද්ධ රශ්මි ධාරාවන් යැයි ඔවුහු කීහ. එය විශ්මිත මනස්කාන්ත දර්ශනයක් විය.

සිරිපා මුදුනින් විහිදුණු විවිධ වර්ණයෙන් යුත් ආලෝක ධාරාවක් අපට දැක ගන්නට හැකි විය. අපි විශ්මයට පත් වීමු. අදහා ගන්නට නොහැකි වූ මේ ආශ්චර්ය කුමක් දැයි අසල වූ කෙනෙකුගෙන් ඇසීමි. ඔහු පැවසුවේ බුදු රැස් මාලා විහිදුණු බවයි. එසේ විහිදුණු විවිධ වර්ණයෙන් යුත් රැස් ධාරාව චන්ද් මණ්ඩලය වටා එකලෙසින්ම රවුම් හතරක් ලෙස දිස්වන්නට විය. සත්යය වශයෙන්ම වූයේ කුමක්දැයි සිතාගන්නට නොහැකි විය. විස්තර කරන්නාටද සැබැවින්ම එය විස්තර කරදෙන්නට නොහැකි විය."

ඇය තම ලිපිය අවසන් කරන්නේ මෙසේය.

"
මෙම ඓතිහාසික අවස්ථාවට මග පෑදූ නෝර්ටන් බ්රිජ් වැඩ බිමේ සේවය කළ සියලු සේවකයන්ගේ නාමයන් සර් ජෝන් කොතලාවල අමාත්යවරයාගේ නාමයද ශ්රී පාදය පවත්නේ යම්තාක් කල්ද ඒතාක් කල් ඔවුන්ගේ නාමයන් කෘතවේදී කිසිවෙකුටත් අමතක කළ නොහැකිය."

No comments:

Post a Comment