Friday, June 26, 2015

ලොව ප්‍රථම ලැප් ටොප් පරිගණකය ගැන ඔබ දැන සිටියාද?

ලැප්ටොප් , නෝට් බුක්,නෙට් බුක් වගේම ස්මාට් ෆෝන්ස්, ටැබ්ලට්ස් ලෙස වු විවිධාකාර නම් වලින් හදුන්වන පරිගණක හා ෆෝන් වර්ගයන් ඇති බව අපි දැකලා අහලා තියෙනවා! 
එලෙස අතෙහි රැගෙන යා හැකි පරිගණකයන් හි ඇරඹුම කොතනද කියලා නිකමටවත් ඔබ දන්නවාද? ම්....බොහෝ දෙනා දන්නවා ඇති අතරම නොදන්නා අයද බොහෝ විටම ඇති... එහි ඇරඹුම වුයේ බ්‍රිතාන්‍ය ජාතික පොත් ලියන්නකු හා මෘදුකාංග ඉංජිනේරුවකු වු 1939 දි තායිලන්තයේදි ඉපදුනු Adam Osborne ගේ ලොව ප්‍රථම අතෙහි රැගෙන යා හැකි ලෙස නිර්මාණය කල වු Osborne 01 පරිගණකය සමඟයි. 
 Adam Osborne මහතා.






අන්තර්ජාලය තුලින් කරුණු හා ජයාරූප උපුටාගත් අතර කියවලා බලලා ඔයාලගේ අදහස් එකතු කරන්න කියලත් ඉල්ලා සිටිනවා! මිට අවුරුදු 30 පෙර එනම් 1981 අප්‍රේල් මස 03 දින ඇමරිකාවේ සැන්ෆැන්සිස්කෝ හි පැවතිWest Cost Computer Faire හිදි ප්‍රථම වරට අතෙහි රැගෙන යා හැකි Osborne 01පරිගණකය හදුන්වා දෙන ලදි. 


 Osborne 01 පරිගණකය.







මෘදුකාංග කිහිපයක් සමඟ ප්‍රථම වරට ලබා දුන් ප්‍රථම පරිගණකය වු මෙහි Basic, Word star,හා Super Calc මෘදුකාංග ඇතුලත් කොට තිබුනි. 4MHz Zilog Z 80 නම් වු CPU එකක්ද, Floppy Drive දෙකක්ද, 64Kවු රැම් එකක්ද, අඟල් 05 ක CRT මොනිටරයක් ඇතුලත් ව තිබුනු අතර මෙහි බර රාත්තල් 24 ක් විය... හැඩලයක් සහිත රැගෙන යා හැකි පරිදි ප්ලාස්ටික් සුට්කේසයක් තුල මෙය ඇතුලත් කොට තිබු අතර වොට් 110 ක් වු බැටරියන් ඇතුලත් කොට තිබු බැවින් පිටින් විදුලිය සැපයිය යුතු නොවිය. 

 ප්ලාස්ටික් ආවරණය තුල දමා වැසු පරිගණකය.



ආවරණය ඉවත් කල පරිගණකය දිස්වන අයුරු.





අගල් 05 වු තිරය මත පේලියකට අකුරු 52 ක් දිගට ලිවිය හැකි වු අතර Arrow Key භාවිතා කොට එය අකුරු 128 දක්වා දිගට ලිවිය හැකි හා බැලීමට හැකි ආකාරයට මෙය සකසා තිබුනි. මෘදුකාංග සහිතව එහි විකුණුම් මිල වුයේ ඇමරිකානු ඩොලර් 1795 කි.

Thursday, April 30, 2015

Volkswagen

https://www.facebook.com/vidulowin.lk?fref=nf

ලොව දෙවන විශාලතම මෝටර් වාහන නිෂ්පාදන සමාගම වන Volkswagen සමාගම විසින් හඳුන්වා දුන් TDI තාක්ෂණය ගැන තමයි මේ විඩියෝවෙන් බොහොම කෙටි පැහැදිලිකිරීමක් ඉදිරිපත් කරන්නේ. TDI කියල කියන්නේ Turbocharge Direct Injection කියන එක. මේ තාක්ෂණයට ඩිසල් මෝටර් රථ වල එන්ජිමේ කාර්යක්ෂමතාවය ඉහල නංවන්න පුළුවන්.ඒ අනුව ඩිසල් ලීටරයකින් යන්න පුළුවන් දුර වැඩි කර ගන්න පුළුවන්.
https://www.facebook.com/vidulowin.lk?fref=nf

Wednesday, June 11, 2014

ලෝකය එන්න එන්නම අවසානය කරා...........

ග්රීන්ලන්තය යනු අයිස් වලින් සෑදුන් ගොඩබිම් කලාපයකි.නාසා ආයතනය විසින් ගෙන එන අළුත්ම ප්රවෘත්තියකට අනුව ග්රීන්ලන්තයේ දැවැන්ත අයිස් තට්ටුවක් මේ වන විට දියවීමට පටන් ගෙන තිබෙන බව ඔබ දන්නවාද?

රූපය බලන්න මෙහි වම පින්තූරය ජූලි 8 වෙනිදා දැක්වේ.දකුණු පස ජූලි 12 දැක්වේ.දැනට මතුපිටින් 40% ප්රමාණයක් පමණ මෙම දැවැන්ත අයිස් තට්ටුව දිය වෙමින් පවතී.මෙම දැවැන්ත අයිස් තට්ටුව දිය වුවහොත් මුහුදු මට්ටම දැනෙන ප්රමාණයකින් ඉහළ යා හැකි බවද නාසා ආයතනය කියා සිටී.කුඩා දූපත් වලට සමහර විටක මෙය බලපෑමක් විය හැකි බව ඔවුන් කියා සිටී.සාමාන්යයෙන් සිදුවන්නේ මෙසේ දියවෙන අයිස් කුට්ටි අනෙක් අයිස් කුට්ටි වල උදව්වෙන් සහ සිසිල් ජලය නිසා නැවතත් ඝණීභවනය උවද වායුගෝලයේ උෂ්ණත්වය ඉහල යාම දැනට අවුරුදු ගණක සිට වැඩි වන බැවින් එම නැවත ඝණීභවනය වීමේ සම්භාවීතාව අඩු වෙමින් පවතී.

තවද ඉතාමත් වේගයෙන් මෙම අයිස් කුට්ටි දියවන බව චන්ද්රිකා 3කින් ලබා ගත් ඉහත ජායාරූපයෙන් දැක්වේ..මෙහි වම් පස රූපයේ සුදු පාටින් දැක්වෙන්නේ මෙතුවක් කල් දිය වීමට අදහසක් වත් නොතිබූ කලාපයයි.රෝස පාටින් දැක්වෙන්නේ දැනට ටිකෙන්ටික දිය වෙමින් පැවති කලාපයයි.නමුත් බලන්න දකුණ පස ඡායාරූපය සියළුම කලාපයන් රෝස පැහැ ගැන් වී ඇත..එයින් අදහස් වන්නේ දැවැත්ත කලාපය දිය වෙමින් පවතින බවයි..ග්රීන්ලන්තයේ 83.1% පිරී ඇත්තේ අයිස් වලිනි.

මිනිසුන්ගේ ක්රියාකලාපයන් නිසා ලෝකය එන්න එන්නම අවසානය කරා ලගා වන බව නම් නොරහසකි..මේ පිළිඹදව ඔබේ අදහස් උදහස් යොමු කරන්න