ඇස් මවිතයට පත් කරන සිංගප්පුරුවේ මේ අපුරු නිර්මාණය
Marina Bay Sands නම් සුපිරි හෝටලයේ කාමර ගොඩනැගිලි තුනක් යා කොට තනා ඇති අහස් උද්‍යානයයි (sky-park). මේ ලොව උසම පිහිටි හා දිගම පිහිනුම් තටාකය උද්යානයේ ඇති අතර අවන් හල්, රාත්රී සමාජ ශාලා හා ගස් කෝලන් වලින් යුක්තය. Boeing 747 වර්ගයේ ගුවන් යානා 4 ක් නවතා තැබිය හැකි ඉඩක් මුළු උද්යානයේම ඇත. පිහිණුම තටාකයේ දිග මීටර 146 වන අතර පොලව මට්ටේමේ සිට මීටර 191 නැතහොත් තට්ටු 57 ක් ඉහලින් පිහිට ඇත. පිහිනුම් තටාකය රාතල් 422,000 න් යුක්ත මල නොබදින වානේ ලෝහයෙන් නිර්මාණය කර ඇති අතර වතුර ගැලුම් 374,500 ක ප්‍රමාණය රදවා තැබිය හැක. මේ උද්යානයේ සිට සිංගප්පුරුවේ අංශක 360ක අලංකාරවත් දර්ශන නැරබිය හැක
No comments:
Post a Comment