Thursday, April 11, 2013

Hot Hot......Internet


‎///--- විනාඩියකදි අන්තර්ජාලය කොතරම් කාර්ය බහුලද? ---///

තත්පර 60 එහේමත් නැතිනම් විනාඩියක් තුල අපි මේ යන එන අන්තර්ජාලය කොතරම් කාර්ය බහුල ඇතිද? අපි නම් බොහෝම විට දන්නේ නෑ. මොකද ඒ ගැන සොයන්නේ නැති නිසා! ඒ නිසා තමා ඒ ගැන දාන්න හිතුවේ.
අන්තර්ජාලය කොතරම් කාර්ය බහුලද කියලා ඇත්තටම කිව්වොත් මේ විස්තරය කියෙව්වාම ඔලුවත් කැරෙකෙන්න ගනිවි. ඒ තරමට පුදුමයි!

•
අන්තර්ජාලය හරහා විනාඩියකදි E-mail 168,000,000 වැඩියෙන් හුවමාරු වේ.

•
විනාඩියකදී 98,000 පමණ Twitter අඩවියට තම අදහස් දක්වනු ලැබේ.

•
දන්නවාද? Facebook තුල තත්පර 60 තුලදි status අලුත් කරන අතර, 79,364 wall posts ද 510,040 comments ප්‍රමාණයක් එකතු වෙනු ලබයි.

•Google
සමාගම විනාඩියකදි 694,445 ක් ඉල්ලන්නා වු සොයා බැලිම් වල නිරත වේ.

•
ඇපල් සමාගම නිපද වු ඇපල් ස්මාර්ට් ෆෝන් හි ජනප්‍රියත්වය කෙසේද යත් විනාඩියකදී ඊට අදාල ඇප්ලිකේෂන් වර්ග 13,000 බා ගත කරනු ලබයි.

•
ස්කයිප් තුලින් 370,000 වන ඇමතුම් සෑම විනාඩියකදීම ආරම්භ වේ.

දැක්ක නේද? මේ විනාඩියක් ගත වෙලා යන කොට අන්තර්ජාලයේ
වෙන දේවල්. අවුරුද්දක් ගත වෙන කොට කොහොමට තියේවිද?

No comments:

Post a Comment