Tuesday, April 9, 2013

සිනහව.......

‎///--- සිනහව ගැන ඔබ නොදත් දේ.... ---///

සිනාව හය ආකාර වන බව අලංකාර ශාස්ත්රයෙහි දක්වා තිබේ. සිතය, හසිතය, විහසිතය, උපහසිතය, අපහසිතය, අතිහසිතය යනු හය ආකාර සිනාවන්ගේ නම් .

මුහුණ බලා ඉන්නා කෙනෙකුට ප්රීතිමත් වූ බව හැගවෙන පරිදී ඇස් දෙක පමණක් මදක් විවෘත වන සිනාව "සිත" නම් වේ. දත්වල අග පෙනෙන හඬ නො නැගෙන සිනාව "හසිත" නම් වේ. සම්මා සම්බුදුරජාණන්, පසේ බුදුරජාණන්, මහ රහතන් වහන්සේලා වැනි උතුම් පුද්ගලයෝ දෙයාකාරයෙන් සිනාසෙති. හඬ නගා සිනාසීම නො කෙරෙති. සම්මා සම්බුදුරජාණන්, පසේ බුදුරජාණන්, මහ රහතන් වහන්සේලා වැනි උතුම් පුද්ගලයෝ සාමාන්යම ජනයා මෙන් හඬ නගා සිනා නොවෙති.

මිහිරි හඬක් නැගෙන සිනාව "විහසිත" නම් වේ. හිස හා උරහිස් සැලෙන සිනාව "උපසිත" නම් වේ. කල්යාණ පෘථග්ජනයෝ ශෛක්ෂියෝ දෙයාකාරයෙන් සිනාසෙති. මහ හඬ නගා සිනා නොවෙති.

ඇස් වලින් කඳුළු ගලන සිනාව "අපහසිත" නම් වේ. ශරීරයේ අවයව සියල්ල සොලවමින් දගලමින් කරන සිනාව "අතිහසිත" නම් වේ. ගුණ ධර්ම දියුණු කර නොගත් ලාමක අදහස් ඇති පුද්ගලයෝ දෙයාකාරයෙන් සිනාසෙති.

No comments:

Post a Comment