Wednesday, May 1, 2013

ඉවෙන් මුල් තැන මී මැස්සාට?

සගවා ඇති පුපුරණ ද්‍රව්‍ය සොයාගැනීමට මිී මැස්සන්ගේ සහයද ඉදිරියේදී ලැඛෙන සෙයකි.
ඉන්සෙන්ටිනෙල් නම් බ්‍රිතාන්‍යය සමාගම පුපුරණ ද්‍රව්‍ය හදුනාගැනීම සදහා මී මැස්සන් පුහුණු කිරීමේ
ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.පුපුරණ ද්‍රව්‍යයන් වලින් නිකුත් වෙන විවිධ ගඳ සුවඳ හදුනාගැනීමට මී මැස්සන් පුහුණු කිරීම මෙහිදී සිදු කෙරෙන බව සදහන් වේ. ‘ඉව‘ කිරීමෙන් පුපුරණ ද්‍රව්‍ය සොයාගැනීමට පුහුණු කරන බල්ලෙකුට ඒ සදහා මාස හයක පමණ කාලයක් ගත වූවත් පර්යේෂණ වලින් හෙළිවූ ආකාරයට මී මැස්සෙකුට ගතවන්නේ තත්ත්පර හයක් වැනි කෙටි කාලයක් බව පර්යේෂණ කටයුතු මෙහෙය වන විද්‍යාඥ පිරිස කියයි.
අනතුරුව මේ පුහුණුව ලැබූ මී මැස්සන් ජංගම බෝම්බ අනාවරකයක් වැනි උපකරණයකට බහාලන අතර පුපුරණ ද්‍රව්‍ය ආසන්නයේ මී මැස්සන්ගේ හැසිරීම අධ්‍යනය කිරීමෙන් පුපුරණ ද්‍රව්‍ය හදුනාගත හැකි බව විද්‍යාඥයන් පිරිස පවසයි.
තවමත්  පර්යේෂණ මට්ටමේ පැවැතියද ව්‍යාපෘතිය සාර්ථක අන්දමින් ක්‍රියාත්මක වන බව සමාගම් ආරංචි මාර්ග සදහන් කරයි.පර්යේෂණ කටයුතු සාර්ථක වුවහොත් ඉදිරියේදී ලන්ඩනයේ හීත්රෝ ගුවනතොටුපලේ ආරක්ෂක කටයුතු වෙනුවෙන් මී මැසි බලකායක්ද යෙදවීමට බළධාරීන් අපේක්ෂා කරයි.

No comments:

Post a Comment