Sunday, April 21, 2013

The Bourne Legacy (2012)


මතකද ජේසන් බෝන් ව? පට්ටම චිත්‍රපටි තුනක් තුළින් ක්‍රියාදාම සපිරුණු ඒ කතා මාලාවේ ඊළඟ කොටස තමා මේ. ඒත් ඇත්තටම කියනවනම් මේ නමින් ලියවෙච්ච නවකථා මාලාවට වඩා වෙනස්ම විදියට තමා මේ චිත්‍රපට මාලාව හැදුණේ. මේ චරිතය මුලින්ම ඉපැද්දුවේ Robert Ludlum විසිනුයි. ඔහු නව කතා 2ක් ලිවූ පසු එයටම ඈඳෙන ලෙස Eric Van Lustbader විසින් තවත් නවකථා 7ක් ලිව්වා. නමුත් මේ චිත්‍රපටි මාලාව හැදුණේ ඒ චරිතය මත පදනම්ව වෙනස් තේමාවක් යටතේයි. කලින් චිත්‍රපටි තුනේ මේ චරිතය රඟපාපු Matt Damon විසින් අවසන් චිත්‍රපට දෙක අධ්‍යක්ෂණය කල Paul Greengrass ගෙන් තොරව තවත් bourne චිත්‍රපටියක රඟපාන්න ප්‍රතික්ෂේප කරපු නිසාම මේ හතරවෙනි චිත්‍රපටය ජේසන් බෝන් වටා නොව ඔහු ඇතිකරන ලද තත්වය මත දිවෙන තවත් අතුරු කතාවක් ලෙස නවකතාවට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා වෙනස්ම චරිතයක් වටා ගලා යනවා. මේ චරිතය රඟපාන්නේ Avenger හී බාට්න් ගේ චරිතය රඟ පෑJeremy Renner විසිනුයි.
කතාව ගැන පොඩ්ඩක් කියනවනම් The Bourne Ultimatum චිත්‍රපටියේදී විවිධ ඖෂධ මඟින් ශාරීරීකව හා මානසිකව ශක්තිමත් සොල්දාදුවන් නිර්මාණය කරන Blackbriar සහ Treadstone රහස්‍යමය ව්‍යාපෘති දෙකක් බෝන් විසින් එළිදරව් කරනු ලබනවා. ඒ නිසා ඇතිවන සෙනට් මණ්ඩල ප්‍රශ්න කිරීම් මඟ හැරීම සඳහා එම ව්‍යාපෘති 2 හා තවත් ව්‍යාපෘති කිහිපයක් වසා දැමීමට හා එමඟින් සකස් කරනු ලැබූ හා දැනට ඒ ගැන දන්නා සියලු දෙනාව ඝාතනය කිරීමට ඉහළ බලධාරීන් තීරණය කරනවා. ඇරොන් ක්‍රොස් කියන්නේ දැනට මේ එක වැඩසටහනක සිටිනා හා ඇලෙස්කාවේ පුහුණු කඳවුරක සිටිනා කෙනෙක්. ඔහු කටුක ශීත කාලගුණට යටතේ නියමිත ස්ථානයට ගමන් කල යුතුයි. ඒ තමා කතාව පටන් ගන්නා ස්ථානය. ඉතින් ඊට වඩා නම් එක කෙළ බිඳක් හළන්නේ නෑ. ඔයාලම බාගෙන බලන්න. ආයේ මොකටද රසය අඩු කරන්නේ.
ක්‍රියාදාම වලින් සපිරුණු මේ චිත්‍රපටිය හැමෝම බාගෙන බලයි කියලා මම හිතනවා. කමෙන්ට් එකක් දැම්මොත් නම් තවත් හිතට සහනයක් වෙවී. 161
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

No comments:

Post a Comment