Wednesday, June 11, 2014

ලෝකය එන්න එන්නම අවසානය කරා...........

ග්රීන්ලන්තය යනු අයිස් වලින් සෑදුන් ගොඩබිම් කලාපයකි.නාසා ආයතනය විසින් ගෙන එන අළුත්ම ප්රවෘත්තියකට අනුව ග්රීන්ලන්තයේ දැවැන්ත අයිස් තට්ටුවක් මේ වන විට දියවීමට පටන් ගෙන තිබෙන බව ඔබ දන්නවාද?

රූපය බලන්න මෙහි වම පින්තූරය ජූලි 8 වෙනිදා දැක්වේ.දකුණු පස ජූලි 12 දැක්වේ.දැනට මතුපිටින් 40% ප්රමාණයක් පමණ මෙම දැවැන්ත අයිස් තට්ටුව දිය වෙමින් පවතී.මෙම දැවැන්ත අයිස් තට්ටුව දිය වුවහොත් මුහුදු මට්ටම දැනෙන ප්රමාණයකින් ඉහළ යා හැකි බවද නාසා ආයතනය කියා සිටී.කුඩා දූපත් වලට සමහර විටක මෙය බලපෑමක් විය හැකි බව ඔවුන් කියා සිටී.සාමාන්යයෙන් සිදුවන්නේ මෙසේ දියවෙන අයිස් කුට්ටි අනෙක් අයිස් කුට්ටි වල උදව්වෙන් සහ සිසිල් ජලය නිසා නැවතත් ඝණීභවනය උවද වායුගෝලයේ උෂ්ණත්වය ඉහල යාම දැනට අවුරුදු ගණක සිට වැඩි වන බැවින් එම නැවත ඝණීභවනය වීමේ සම්භාවීතාව අඩු වෙමින් පවතී.

තවද ඉතාමත් වේගයෙන් මෙම අයිස් කුට්ටි දියවන බව චන්ද්රිකා 3කින් ලබා ගත් ඉහත ජායාරූපයෙන් දැක්වේ..මෙහි වම් පස රූපයේ සුදු පාටින් දැක්වෙන්නේ මෙතුවක් කල් දිය වීමට අදහසක් වත් නොතිබූ කලාපයයි.රෝස පාටින් දැක්වෙන්නේ දැනට ටිකෙන්ටික දිය වෙමින් පැවති කලාපයයි.නමුත් බලන්න දකුණ පස ඡායාරූපය සියළුම කලාපයන් රෝස පැහැ ගැන් වී ඇත..එයින් අදහස් වන්නේ දැවැත්ත කලාපය දිය වෙමින් පවතින බවයි..ග්රීන්ලන්තයේ 83.1% පිරී ඇත්තේ අයිස් වලිනි.

මිනිසුන්ගේ ක්රියාකලාපයන් නිසා ලෝකය එන්න එන්නම අවසානය කරා ලගා වන බව නම් නොරහසකි..මේ පිළිඹදව ඔබේ අදහස් උදහස් යොමු කරන්න

No comments:

Post a Comment