Friday, June 21, 2013

Original ......Phone

ඔයාලගෙ ෆෝන් එක Original ද නැද්ද හොයමු...



දවස් ගානකින් වැදගත් පෝස්ට් එකක් දෙන්න බැරි වුණානෙ... ඔන්න අද තියෙනව හැමෝටම වැදගත් එකක්.. හැමෝටම වැදගත් කියන්නෙ මෙහෙමයි... Hand Phone එකක් පාවිච්චි කරන හෙමෝටම වැදගත්... එහෙම නැති අය ඉන්නෙ කියෙන් කී දෙනාද.. ඒ හින්ද ගොඩක් දෙනෙක්ට මේ ලිපිය වැදගත් වේවි... මන් කියන්න යන්නෙ ඔයාලගෙ Hand Phone එක ඔරිජිනල්ද කියල බලන විදිය ගැන... බලමුකො කොහොමද කියල...

       මුලින්ම ඔයාල මෙන්න මේ නම්බ්ර් එක ගහන්නකො... ඩයල් කරන්න කියල නෙවේ කියන්නෙ හොදේ... *#06#  එතකොට ස්ක්‍රීන් එකේ වැටෙයි  නම්බර් එකක්... අන්න ඒක තමයි අපිට ඔනි වෙන්නෙ.. මේක තමයි ජාත්‍යන්තර ජන්ගම උපකරණ හදුනා ගැනීමේ අන්කය... එහෙම නැත්තන් International mobile equipment identity number... දැන් ඔයාල ඒකේ 7 වෙනි හා 8 වෙනි ඉලක්කම් දෙක බලන්නකො... කියන එක තේරුන් නැත්තන් මෙන්න මේ විදියට.. 
Serial Number:-    x-x-x-x-x-x-x-x-x-x-x-x-x-x-x හරිනෙ... මෙන්න මෙතන තියෙන ඉලක්කම් දෙක තමා බලාගන්න ඕනි.. අන්න ඒ අන්ක 2... 

02 හරි 20 හරි නම් 
ඔබේ ෆෝන් එක එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී එකලස් කරපු, කියුවට තරහ වෙන්න එපා ටිකක් ගුනාත්මක බාවයෙන් පහත් එකක්... ටිකක් කියුවට සෑහෙන්න හොදේ... 

08 හරි 80 හරි නම් 
ජර්මනියේදී එකලස් කරපු සාමාන්යෙන් හොද ගුණාත්මක බාවයෙන් යුක්ත එකක්... 

01 හරි 10 හරි නම් 
ෆින්ලන්තයේදී එකලස් කරපු ඉතාමත් හොද ගුණාත්මක බාවයෙන් යුක්ත එකක්... සතුටුයි නේ... 

00 නම්... 
අන්න බාන්ඩේ... ඔබේ ෆෝන් එක ඔරිගිනල් ෆැක්ට්‍රි එකේදී හදපු පට්ටම අයිටම් එකක්... සුපිරිම බාණ්ඩයක්... මගෙ 1100 එකක් තියෙනව මෙහෙම... 

13 නම් 
අශබයිජින් හිදී (Azerbaijan) කොහෙ රටක්ද මන්ද... අන්න එහේ හදපු චාටර් ගුණාත්මක බාවයකින් යුක්ත සෞඛ්‍යට අහිතකර එකක්... 

03 හරි 30 හරි නම් 
කොරියාවේ හදපු සාමන්‍ය එකක්... 

04 හරි 40 හරි නම්... 
චීනයේ නිශ්පාදිත එකක්... ගුණාත්මක බාවය ගැන ඔයාල දන්නවනෙ... අපි ඒ ගැන් කතා නොකර ඉමු... 

05 හරි 50 හරි නම්... 
බ්‍රසීලයේ, ඇමරිකාවේ හෝ ෆින්ලන්තයේ නිපදවපු හොද ගුණාත්මක බාවයෙන් යුතු එකක්... 

06 හරි 60 හරි නම්... 
හොන්කොන් වල හරි චීනයේ හරි මෙක්සිකෝ වල නිපදවපු ගුනාත්මක බාවය අඩු එකක්... 

07 හරි 70 හරි නම්... හෝ 19 හරි 91 හරි නම්... 
ෆින්ලන්තයේ නිපදවපු හොද එකක්... 

මේක සමහර සෝනි ඒවට හරියන්නෙ නෑ... මොකද සෝනි ෆින්ලන්තයේ එහෙම හදන්නෙ නෑ මන් දන්න විදියට... අනික් එක තමයි මේකෙ රටවල් 2ක් 3ක් තියෙන්නෙ ඒවගෙන් එකක හරිද... බ්‍රාන්ච් තියෙන්න පුලුවන්නෙ එහෙම.. මෙහෙම ලිපියක් දාන්න හිතුනෙ මගෙ අහවල් එක්කෙනා අලුත් ෆෝන් එකක් ගත්තා...ඒක ගැන බලන්න.. ඔයාලටත් වැදගත් වුනොත් කියන්න... මන් ගියා එහෙනම්... සුබ දවසක් හැමෝටම... 


elakiriwada.blogspot.com

Copyright By..Nadun Edirisinghe.....

No comments:

Post a Comment