Monday, May 20, 2013

Kuriosity


"කියුරියෝසිටි" රහස් ගැන දන්නවාද?

රෝද 06 කින් යුතු කාරයක ප්රමාණයකින් යුතු ටොන් එකක් බර කියුරියෝසිටි රෝවරය මාස 08ක් තිස්සේ සැතපුම් මිලියන 354 දුර ගෙවමින් අගෝස්තු 5 වැනිදා අඟහරු මතට ගොඩ බසින ලදි. අගහරු මතට පෘතුවියෙන් හතරවැනි යානය ලෙසයි. පසුගියදා ප්රථම වරට කියුරියෝසිටි රෝවරය අගෝස්තු 22 වැනිදා අඩි 15 ඉදිරියටත් අංශක 120 කින් කැරකී අඩි 08ක් පිටුපසට ගමන් කිරීම අරඹා ප්රථම වරට යානයේ ටයර් සලකුණු අඟහරු ග්රහයා මත ඇති කරනු ලැබුවා.

එලෙසම රෝවරය මත වු රහස් කිහිපයක්ම මේ වන විට හෙලිකර ඇත. ගැන ඔබ දැන සිටියාද???

රෝවරයේ ටයරයේමෝස් කෝඩ්අධාරයෙන් එය එකලස් කල Jet Propulsion Lab හි නම JPL ලෙස දක්වා ඇත.
[
අගෝස්තු 22 රෝවරයේ ප්රථම ගමන සමග එය අගහරු පොළවේ ලියවී ඇත.
ටයරේ කට්ටයේ හැඩය — dot-dash-dash-dash, dot-dash-dash-dot, dot-dash-dot-dot ('.--- .--. .-..')
එය මෝස්කෝඩ් ලෙස පරිවර්තනයේදී කියවනු ලබන්නේ J P L ලෙසයි. ඊට අමතරව එහි සිග්සැග් (zigzag) හැඩය ඇතුලත්ව ඇත.]

තවද දුරකතන ඇප්ලිකේෂනයක කෝඩ් සටහනක් ඇතුලත් කර තියෙනවා.

යානය මතුපිට ලියු ඇතුලත භාෂා 16 සමන්විත පණිවිඩය තමයි මේ.
['For millennia, Mars has stimulated our imaginations. First, we saw Mars as a wandering star, a bringer of war from the abode of the gods. In recent centuries, the planet’s changing appearance in telescopes caused us to think that Mars had a climate like the Earth’s. Our first space age views revealed only a cratered, Moon-like world, but later missions showed that Mars once had abundant liquid water. Through it all, we have wondered: Has there been life on Mars? To those taking the next steps to find out, we wish a safe journey and the joy of discovery.']

•NASA, JPL
හා කෙනඩි අභ්යාවකාශ මධ්යස්ථානයන් හි වෙබ් අඩවි හරහා එකතු වුනු මිලියන 1.24 රසික පිරිසකගේ නම් ඇතුලත් කොට ඇති සිලිකන් චීපයක්ද රෝවරයේ රඳවා ඇත. එය නාසා සමාගම හදුන්වා දුන්නේ 'පෘතුවි වැසියන්ගේ බලාපොරොත්තුව හා උනන්දුව අගහරු වෙත' ලෙසයි.

කියුරියෝසිටි යානය තුල මුදල් තැම්පත් කර ඇතැයි කිවහොත් ඔබ පුදුම වේවි. ඔව් ! එහි 1909 දි නිකුත් කරන ලද ඒබ්රහම් ලින්කන් ජනපතිගේ රුව ඇති කාසියක් ඇතුලත් කොට ඇත.

2016
දිත් අඟහරු ගවේශෂණයට තවත් රෝවරයක් යැවීමට සුදානම් බව ඇමරිකානු නාසා ආයතනය කියනවා. එය නම් කර ඇත්තේ “Insight” ලෙසයි. එමගින් අඟහරුගේ පොලොව අඩි 16 ක් හාරා බැලීමටද නියමිතයි.

No comments:

Post a Comment